ගොයම කහපැහැ ගැන්වූ ප්‍රදේශවලට කණ්ඩායමක්..

ගොයම කහපැහැ ගැන්වූ ප්‍රදේශවලට, වී පර්යේෂණ ආයතනයේ කණ්ඩායම්..

by Staff writer 16-01-2023 | 7:56 AM

COLOMBO ( News 1st ) – වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි. 

එහි අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, එහිදී හඳුනාගන්නා ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳව ගොවීන් දැනුවත් කරන බවයි.