.webp)
සේතු සමුද්‍රම් යනු ලංකාවත් ඉන්දියාවත් අතර යාපනයට ඉහළින් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාව වේ.
පෝක් සමුද්‍ර සන්ධිය මතින් ඇළක් හෑරීම මගින් දැවැන්ත නෞකා ගමන් කිරීමට මාර්ගයක් සැකසීම පිළිබඳව මුලින් සාකච්ඡා වී තිබුණේ බ්‍රිතාන්‍යයන් විසින් 1860 දී.
එවිට ජාත්‍යන්තර නෞකාවලට ලංකාව වටේ නොයා කෙටි මාර්ගයකින් ලංකාව පසුකර යා හැකි ය.
නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් කොළඹ වරායේ මෙහෙයුම් ඉන්දියාවට ඇදී යයි.
එමෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරායන්වල වාණිජ මෙහෙයුම්වලට ද බරපතල බලපෑම් එල්ලවිය හැකි බව විද්වත් මතයයි.
එමෙන්ම ගැඹුරු කැණීම් සහ නිරන්තර නාවික ගමනාගමනය නිසා මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පතද වැනසී යා හැකිය.
කෙටියෙන්ම කිවහොත් ලංකාවේ ආර්ථීකයට මාරක ප්‍රහාරයක් මෙමගින් එල්ල වේ.
ව්‍යාපෘතියට 1998 දී මූලික කොළ එළිය දුන්නේ අතල් බිහාරි වජ්පායි රජයයි.
2005 ජූලි 2 වැනි දින එවකට වටිනාකමින් ඉන්දියානු රුපියල් කෝටි 2,400ක ව්‍යාපෘතිය දියත් කළේ අගමැති මන්මෝහන් සිං විසිනි.
නමුත් එල්ල වූ බලපෑම් හමුවේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය අකුලා ගන්නට සිදුවිය.
ඊට හේතු වූයේ, ඉන්දියානුවන් මහත් භක්තියෙන් සලකන ආදම්ගේ පාලම පිහිටා තිබෙන්නේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ඇළ මාර්ගය හෙවත් පොක් සමුද්‍ර සන්ධිය හරහා වීම ය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ඊට හානියක් වේයයි සිතා ඉන්දීය ජනතාව මේ ව්‍යාපෘතියට විරුද්ධ විය.
තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 32 ක්
ඇතුළත වැලි පර 16ක් සහිත ප්‍රදේශය හින්දු භක්තිකයන් විසින් රාමර් පාලම ලෙසත්, ශ්‍රී රාම්සේතු ලෙසත් හඳුන්වනු ලබයි.
මෙම වැලි පර 16න් 8ක් ශ්‍රී ලංකාවට අයත් වන අතර ඉතිරි 8 ඉන්දියාවට අයත් වේ.
එසේනම් දැන් මොකක්ද කරන්න යන්නේ ?
දැන් යළිත් මේ ව්‍යාපෘතිය පිළිබඳ සංවාදය කරලියට එන්නේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නිසාවෙනි.
මේ අතර මධ්‍යම ආණ්ඩුවේ විද්‍යා අමාත්‍ය ජිතේන්ද්‍ර සිං රාමායණයේ සඳහන් වන පරිදි ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇත්ත වශයෙන්ම පැවතියේ දැයි කීමට අපහසු බවට කළ ප්‍රකාශයත් මේ ව්‍යාපෘතියට මධ්‍යම රජයේ කොළ එළිය පෙන්නුම් කළේ ය.
ආදම්ගේ පාලමට හානි නොවන පරිදි මෙම ව්‍යාපෘතිය සිදුකිරීම දැන් අලුත්ම යෝජනාව යි.
ඒ සඳහා මධ්‍යම රජය සමග එක්ව සේතු සමුද්‍ර ව්‍යාපෘතියට භාරතීය ජනතා පක්ෂය සහාය දෙන බව භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කුප්පුසාමි අන්නාමලෙයි මහතා පවසයි.
දැන් අලුත්ම තත්ත්වය මොකක්ද ?
මෙතෙක් නිහඬව සිටි ඉන්දීය හින්දු සංවිධාන සේතු සම්ද්රම් ව්‍යෘපෘතියට විරෝධය පළ කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඇතැම් සංවිධාන මෙය ධර්මයට එරෙහි ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇති බවය.
රජය විසින් රාම් සේතු ව්‍යාපෘතියට හානි කළහොත් එය තම පපුවට වෙඩි තැබීමකට සමාන වන බව හින්දු සංවිධාන ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
යම් යම් පුද්ගලයන්ගේ ඡන්ද ඉලක්ක වෙනුවෙන් ඉන්දීය ආණ්ඩුව ක්‍රියා කරන බවටද ඔවුනක් චෝදනා කරයි.
අපේ රටට මෙතරම් බලපෑම් සිදුවන ව්‍යාපාතියක් ගැන දේශපාලඥයින් කියන්නේ කුමක්ද?
අපගේ රටටත් ආර්ථීකයටත් පරිසරයටත් මහත් බලපෑමක් කරන මේ ව්‍යාපෘතිය ගැන කිසිම දේශපාලඥයෙක් මෙතෙක් සංවේදී වුබවක් පෙනෙන්නට නැත.