ඒ, වසර ගණනාවක සිට පැවති ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි.
මහියංගනය, වේවත්ත ,ඇඹලවත්ත, ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ප්‍රදේශයකි.
ගම්මැද්ද ගෙයින් ගෙට යද්දී අපිට හමුවුණු ඇඹලවත්ත ගමේ ප්‍රධාන ගැටලුව ගමට යන්න පාලමක් නොමැති වීමයි.
ගම්මුන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ගම්මැද්ද පසුගිය ඔක්තෝම්බර් 29 වැනිදා ඇඹලවත්ත ගමට පාලමක් ලබා දෙන්න වැඩ ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැදගත්තේ ශ්‍රී ලංකා ගුවන් සේවා නියමු සංසදයයි.
වැඩ අවසන් කළ පාලම අද (13) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් ජනතා අයිතියට පත් කෙරිණි.
ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ, ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සභාපති කැප්ටන් නිරංජන් ජොන්පුල්ලේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.