STF නිලධාරීන් 664කට උසස් වීම්..

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664කට උසස් වීම්..

by Staff writer 12-01-2023 | 4:53 PM

COLOMBO ( News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය(STF)සඳහන් කළේ, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් තිදෙනෙකු ද, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 41 දෙනෙකු ද, උසස් කර ඇති බව ය.

පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක් ද, පොලිස් සැරයන් රියැදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 08 දෙනෙකු ද, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියැදුරු තනතුරට නිලධාරින් 06 දෙනෙකු ද, උසස්වීම ලබා දී ඇති අය අතරට අයත් වේ.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට නිලධාරීන් 495 ක් ද, උසස් වීම් ලබා ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය.

පොලිස් විශේෂකාර්ය බලකායේ එකවර උසස්වීම් ලද වැඩිම නිලධාරීන් සංඛ්‍යාව මෙය වේ.