ඒ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිළ මැදිරියේදී ය.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ඉල්ලීමක් හේතුවෙන් මීට පෙර අවස්ථාවේද සාක්ෂි සටහන් කර ගැණුනේ නිල මැදිරිය තුළ ය.
මේ හේතුවෙන් එම කටයුතු වාර්තාකිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබුණේ නැත.
කෙසේවෙතත් අද දිනයේ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සොහොයුරකුගෙන් විනාඩි 45ක පමණ කාලයක් සාක්ෂි සටහන් කර ගැනිම සිදු කර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13වැනිදා දක්වා කල්දැමීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භූමිය තුළ ගෙල සිරවන අයුරින් සහ දෙඅත් බැඳ දමා තිබියදී සොයා ගැනුනේ පසුගිය මස 15 වැනිදා ය.
ඔහුව එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණද දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදුව මාසයකට ආසන්න කාලයක් ගතව තිබුණත්, තවමත් සැකකරුවෙක් හදුනා ගැනීමට නොහැකිව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.