අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ , මුදල් ව්‍යාපාර බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම ආයතනයට අද (28) සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර හිමි නොවන අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය කල්බදු මුල්‍යකරණ ආයතනයක් ලෙස ලබා දී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමට ද තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ තැන්පතු නැවත ගෙවීම සඳහා එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය දැක්වූ දායකත්වය මත ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයෙහි ඊට අනුරූපී වත්කම් සහ අදාළ තැන්පතුකරුවන්ගේ තොරතුරු එස්.එම්.බී. ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත පවරා ඇති බවයි.