කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොණරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙන බවයි.
මෙම මුදල වාරික 2 ක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවිපවුල් ලක්ෂ 12කට ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.