අලුත් වන දුම්රිය කාලසටහන

ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතියේ දී...

by Staff writer 21-12-2022 | 3:42 PM

COLOMBO ( News 1 st ) - ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුණසිංහ මහතා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ, නව කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි.

දැනට ධාවනය වන දුම්රිය අතර කාලය සංශෝධනය කරමින් , නව සංශෝධන සිදුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ, ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බවයි.

පවතින අර්බුදකාරී තත්ත්වයන් සැළකිල්ලට ගෙන මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කෙරිණි.