විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව තවමත් නෑ..

මහජන උපයෝගීතා කොමිසම නොසලකා විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් තවමත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නෑ - ඇමති බන්දුල

by Staff writer 20-12-2022 | 9:31 PM

COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසම නොසලකා කැබිනට් අනුමැතියෙන් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී නොමැත.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, විදුලි ගාස්තු වැඩි වීමට අදාල කෙටුම්පත ඊයෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවාද, ඒ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයෙන් ගත් තීරණය පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කළේ ය.

පිළිතුරු දැක්වූ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඊ් දිනයේදී විදුලි මිල සංශෝධනය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බවයි