පල්ලේකැලේ පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
ක්‍රිස්තු වර්ෂ 1707 - 1739 අතර කාලයේ රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගාව පැවති ස්ථානයේ විචිත්‍ර කැටයමින් යුත් මෙම වටකුරු පුරාවිද්‍යා ස්මාරකය අඩි 4 ක් පමණ දිගින් යුක්ත අතර අඩි තුනක් පමණ පළලින් යුක්ත වේ.
පොලීසිය පැවසුවේ පෙරේදා අලුයම් කාලයේ බර වාහනයකින් පැමිණි පිරිසක් විසින් එම ගල ගලවාගෙන ගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් නිවුස් ෆස්ට් කළ විමසීමෙදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.
ඒ අනුව එහි ආරක්ෂාව භාරව සිටි මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව ඔහු පැවසීය.