එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑමෙන් සුළගේ වේගය ඉහළ ගොස් ඇති බවයි.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 50 - 60 ත් අතර වේගයක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් හෙට(17) දිනයේ අපේක්ෂා කරන බවයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.