පොලීසිය පැවසුවේ ඔහු නැවත මෙරටට පැමිණෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය 10 වැනිදා සිදුවූ අනතුරින් පසු අදාළ සැකකරු එදිනම උදෑසන 9.55 ට කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි වෙත පළා ගොස් ඇති බව පොලීසිය ප්රකාශ කළේ ය.
සැකකරු සම්බන්ධයෙන් පොලීසිය විදෙස් ගමන් තහනමක් ද ලබා ගෙන තිබූ අතර ඊයේ(12) රාත්රී ඔහු නැවත ලංකාවට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණේ ඉන් අනතුරුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පසුගිය 10 වනදා අලුයම කොල්ලුපිටිය ප්රදේශයේ දී මෝටර් රථයක්, ඉදිරියෙන් ධාවනය වු ත්රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදු වූ අතර ඉන් ත්රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්විය.