පාසල් නිවාඩුව පිළිබඳ තීරණය අද

හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව තවමත් තීරණයකට එළැඹී නැහැ - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 11-12-2022 | 8:53 AM

COLOMBO ( News 1 st ) - හෙට (12)  පාසල් ආරම්භ කිරීම පිළිබඳව තවම තීරණයකට එළැඹී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම්, නිහාල් රණසිංහ මහතා ප්‍රකාශ කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග සාකච්ඡා කර පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද(11) දිනයේදී තීරණය කරන බවයි.

රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් සහ කතෝලික පාසල් සඳහා පසුගිය සිකුරාදා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ පවතින කාලගුණ තත්ත්වය හේතුවෙනි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීම්වලින් පසුව එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.