මහාචාර්ය අතුල සේනාරත්නට ප්‍රහාරයක්

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට ප්‍රහාරයක්.

by Staff writer 11-12-2022 | 11:15 AM

COLOMBO ( News 1 st ) - පහරදීමක් හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා රෝහල් ගතකර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මහාචාර්යවරයාගේ පුත්‍රයා පැදවූ මෝටර් රථයක ඊයේ(10) රාත්‍රියේ යතුරු පැදියක් ගැටී ඇති බවයි.

සිද්ධියෙන් අනතුරුව පිරිසක් මහාචාර්යවරයාගේ නිවස වටලා පහරදීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කළ අතර පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, මේ වන විට එම පිරිස් පිරිස් විසුරුවා හැර ඇති බවයි.