තානාපති කාර්යාල නිලධාරියා මෙරටට කැඳවීමට නියෝග

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක තානාපති කාර්යාල නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගුයි..

by Staff writer 24-11-2022 | 7:33 PM

COLOMBO ( News 1 st ) - ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන තානාපති කාර්යාල නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඔහු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරටට පැමිණිය යුතු බවයි.

කාන්තාවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ  ඊ. කුෂාන් නැමැත්තාගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙන අතර ඔහු කඩිනමින් මෙරටට එවන ලෙස ඕමාන තානාපති කාර්යාලට දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.