බෙංගාල බොක්කේ පීඩන අවපාතය දුර්වල තත්ත්වයට

බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතය දුර්වල තත්ත්වයට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 22-11-2022 | 8:37 AM

COLOMBO (News 1st) - නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්නාඩු - පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමට වැඩි හැකියාවක් ඇති බවය.