පස්සර - ලුණුගල මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

පස් කඳු කඩා වැටීමෙන් පස්සර සිට ලුණුගල දක්වා ගමනා ගමනයට බාධා...

by Staff writer 13-11-2022 | 9:38 PM

COLOMBO (News 1st ) - පස් කඳු කඩා වැටීම හේතුවෙන්  පස්සර සිට ලුණුගල දක්වා මාර්ගය අවහිර වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ  පස්සර සිට ලුණුගල දක්වා  වූ මාර්ගයේ 156km කණුව අසලින් මෙම  අවහිර වීම සිදුව ඇති බවයි.

ඒ අනූව එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ   විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.