සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්

සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්

by Staff writer 28-10-2022 | 10:18 AM

COLOMBO (News 1st)- සමෘද්ධි ඇතුළු අනෙකුත් රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ වැඩිහිටි, වකුගඩු, හා අබාධිත අනෙකුත් සහනාධාර සඳහා ද ඉල්ලුම් කිරීමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

දැනට අදාළ සහනාධාර ලබා ගන්නා පුද්ගලයින්ටද එම අයදුම්පත යොමු කිරීම අනිවාර්ය බව  සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

එම මණ්ඩලය පැවසුවේ, අදාළ අයදුම්පත් තම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම නිෂ්පාදන හා ගොවිජන සහකාර යන ඕනෑම නිලධාරියෙකු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය හැකි බවයි.