COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තයට එරෙහි තරගය ඉන්දීය කණ්ඩායම ලකුණු 56 කින් ගත්තේ ය.
සිඩ්නිහිදී පැවත්වූ අද (27) තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට, නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි අතර සබඳතාව ලකුණු 73කි.
ශර්මා පන්දු 39කින් ලකුණු 53ක් රැස් කළේ ය.
සූර්යකුමාර් යාදෙව් සහ කෝලි තුන්වැනි කඩුල්ලට ලකුණු 95ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.
කෝලි නොදැවී ලකුණු 62ක් රැස් කරගෙන සිටියේ ය.
යාදෙව් නොදැවී ලකුණු 51යි.
ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය.
ලකුණු 180ක ඉලක්කයකින් පිටියට පිවිසි නෙදර්ලන්තයේ මුල් පෙල කඩුලු 2, බිඳ වැටුණේ ලකුණු 20කදීය.
ටිම් ප්‍රින්ගල් ලකුණු 20ක් රැස් කළේ, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
බුවනේස්වර් කුමාර්, අක්සාර් පටේල්, රවිචන්ද්‍රන් අශ්වින්, සහ අර්ෂදීප් සිං අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
නියමිත පන්දුවාර 20 අවසානයේදී නෙදර්ලන්තයට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 123ක් පමණි.