වැසි තත්ත්වයේ අඩුවීමක්... කාලගුණෙන් අනාවැකි

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්... කාලගුණෙන් අනාවැකි

by Staff writer 25-10-2022 | 9:01 AM

COLOMBO (News 1st) – පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දිනයේදී පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

මේ අතර නායයාම් අවදානම් ප්‍රදේශවල පවුල් පහළොස් දහසක් පමණ ජීවත් වන බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසුවේ, නුවරඑළිය , රත්නපුර බදුල්ල ඇතුළු දිස්ත්‍රික්කවල එම අවදානම් ප්‍රදේශ පිහිටා ඇති බවයි.

මේ අතර මුහුදු ප්‍රදේශ රළු වීම හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,  උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින සී ට්‍රැන්ග් සුළි කුණාටුව බංගලාදේශ වෙරළ තීරය හරයා ගමන් කරන බවයි. 

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 දක්වා වැඩි විය හැකියි. 

එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

උතුරු බෙංගාල බොක්ක ගැඹුරු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා මේ පිළිබඳව විමසිලමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.