ගල්වැව සිරිධම්ම හිමි ජාතික රෝහලට ඇතුළත් කෙරේ

ගල්වැව සිරිධම්ම හිමි ජාතික රෝහලට ඇතුළත් කෙරේ

by Staff writer 25-10-2022 | 4:44 PM

COLOMBO (News 1st) – ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් උණ රෝගය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවුසවේ, උන්වහන්සේ ජාතික රෝහලේ 49 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බවයි.

ගල්වැව සිරි ධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90 ක කාලයක් රඳවා සිටී.