![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
එම සුළි කුණාටුව නම් කර ඇත්තේ, 'සිට්රෑන්ග්' ලෙසය.
හෙට (25) උදෑසන වනවිට එය බංග්ලාදේශ වෙරළ තීරයට ගමන් කරනු ඇති.
මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලාපෑමක් නැතැයි කාලගුණ විද්‍යා බලධාරීන් පැවසීය.
කෙසේ වෙතත් අද දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ජලයේ වේගය වෙනස්විය හැකි බැවින් මහවැලි සහ කැලණි ගඟ භාවිතයේදී විමසිලිමත් වන ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
අධික වැසි හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කල නාය යෑමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකය.