ලෝක ආහාර දිනය අදයි

ලෝක ආහාර දිනය අදයි

by Sagarika Chathumali 16-10-2022 | 11:01 AM

COLOMBO (News 1st) - සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලබයි.

ඒ, 1945 වසරේදී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම සිහිපත් කරමින් 1979 වසරේ සිටයි. 

ලොව පුරා මිලියන 828ක ජනතාවක් සෑම රාත්‍රියකම කුසගින්නේ නින්දට යන බව  එක්සත්  ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ.

ලොව පුරා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණපා ඇති සංඛ්‍යාව මිලියන 345 කි.

කොරෝනා වසංගතය, යුධ  ගැටුම් , යුක්රේන රුසියා අර්බුදය සමඟ ආහාර මිල ඉහළ යාම ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ මෙවර ලෝක ආහාර දිනය සමරනු ලබයි.

ශ්‍රී  ලංකාවේ ළමා මන්ද පෝෂණය මෙන්ම දිලිඳුබව සියයට 15 ක් දක්වා ඉහළ  ගොස් තිබේ.