වැසිබර කාලගුණය තවදුරටත්

වැසිබර කාලගුණය තවදුරටත්: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

by Staff writer 15-10-2022 | 6:34 PM

COLOMBO (News 1st) - දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය, තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්  විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, තාවකාලිකව ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු  මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශය පියවර ගන්නා ලෙසය.