.webp)
COLOMBO (News 1st) - මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (07) රාත්රි 8:30 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇති.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය වසා තැබෙන බවය.
එම කාල සීමාව තුළ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා පමණක් සිදු කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.