.webp)
COLOMBO (News 1st) – ආහාර විෂ වීමකින් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ, එම සිසුන්ගෙන් මේ වනවිට දෙදෙනෙකු පමණක් වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවය.
ඔවුන් 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
අනෙකුත් සිසුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලින් පිටව ගොස් තිබේ.