ඔහු ඒ බව පැවසුවේ, නව සභාවාරයට අදාළව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමට එක් වෙමිනි.
මැයි 9 වැනි දා සහ ඊට ආසන්න දිනවලදී මෙරට සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළ විශේෂ කමිටු වාර්තාව පසුගිය 8 වැනි දා ජනාධිපතිවරයාට භාර දුන් බව රාජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුවේ වාර්තාව අනුව ආරක්ෂක අංශවල ද යම් අඩුලුහුඩුකම් සිදුවී ඇත්නම් ඉදිරියේදී ඒ සම්බන්ධව පියවර ගන්නා බවයි.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා ද මේ සාකච්ඡාවට එක්ව සිටි අතර ඔහු පැවසුවේ, මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වූවන්ට සහ අනුබල දුන් අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.