මැලේසියා රැකියා ජාවාරම්වලට හසුවන්න එපා..

මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුවන්න එපා - මනූෂ නානායක්කාර

by Staff writer 24-09-2022 | 8:51 AM

COLOMBO (News 1st) –  මැලේසියානු රැකියා දෙන බව පවසා අයැදුම්පත් හා තොරතුරු එක්රැස් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනතාවට දැනුම් දෙයි.

අමාත්‍යවරයා පැවසුවේ මැලේසියාවෙන් මෙරටට හිමිව ඇති රැකියා 10,000 සම්බන්ධයෙන් දැනටමත් ජාවාරම්කරුවන් විවිධ සම්බන්ධතාවන් හුවා දක්වමින් අයැදුම්පත් සහ තොරතුරු එකතු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එලෙස මැලේසියාවේ රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින්ගෙන් කොපමණ මුදලක් අය කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා මැලේසියාවේ මානව සම්පත් ඇමතිවරයාගේ පැමිණීමෙන් පසුව ඒ සියල්ල තීරණය කෙරෙන බව සඳහන් කළේ ය.

මේ අතර, මෙරටට ලැබෙන මැලේසියානු රැකියා 10,000 සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයන්ට, මැලේසියානු ජාතිකයින්ට හිමි සියලු කම්කරු වරප්‍රසාද හිමි වන බවත්, මැලේසියාවේ අනුමත අවම වැටුප්ට වඩා වැඩි වැටුපක් හිමිවන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.