COLOMBO (News 1st) – කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි.
ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවා සිදුනොවනු ඇති.
වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් අද සේවා සැපයීමක් සිදුනොවන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.