.webp)
COLOMBO (News 1st) - 2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවසන් මහා තරගය අද (11) පැවැත්වේ.
2022 ආසියානු නෙට්බෝල් තරගාවලිය මෙවර සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
එහි අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග වැදුණේ හොංකොං කණ්ඩායම සමගයි.
එම තරගය ලකුණු 67 ට 43 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ අනුව අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතයි.
මෙම ජයග්‍රහණත් සමග ශ්‍රී ලංකා සහ සිංගප්පූරු කණ්ඩායම් 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුලාන නෙට් බෝල් තරගාවලියට ද සුදුසුකම් ලබා ගත්තේ ය.