මහ බැංකු අධිපති ඉවත් කිරීමේ සූදානමක් තිබේ ද?

මහ බැංකු අධිපති ඉවත් කිරීමේ සූදානමක් තිබේ ද? විපක්ෂ නායක ප්‍රශ්න කරයි

by Staff writer 02-09-2022 | 4:25 PM

COLOMBO (News 1st)  – මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ,  රට බංකොලොත්භාවයට පත් කිරීමේ තීන්දුව ගනු ලැබුවේ, මහ බැංකු අධිපතිවරයා ය යන මතයක් නිර්මාණය කිරීමේ සූක්ෂම උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

''මහ බැංකු අධිපතිතුමා තමයි රට බංකොළාත්භාවයට පත් කරන ඒ තනි තීන්දුව ගත්තෙ කියන මතය හීන් නූලෙන්  නිර්මාණය කරන්න යනවා. මම කරුණාකරලා කියනවා මෙහෙම ගියොත් නම්,රටට හරියන්නෙ නෑ'''

ඒ අනුව විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටින්නේ,  මෙය කැප කිරීම්  සිදු කර රටට පැමිණි මහ බැංකු අධිපතිවරයා  ඉවත් කර ගජ මිතුරෙකු මහ බැංකු අධිපති තනතුරට  පත් කිරීමේ  කුමන්ත්‍රණයක් ද යන්නයි 

''ඔන්න ඔය වගේ නාට්‍ය නිසා තමයි සර්ව පාක්ෂික ආණ්ඩු ගැන හිතන්න වත් බැරි..''

 

අමත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අචාර්ය හර්ෂද සිල්වා , ජනාධිපති නීතිඥ අලි සබ්‍ර්  ,එරාන් වික්‍රමරත්න ,රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙහිදී අදහස් පළ කළහ.