හැබැයි පක්ෂය ගන්න තීන්දුවත් එක්ක හිටගන්න ඕන

අමාත්‍යධුර අතෑරලා නැවත පක්ෂයත් එක්ක එකතු වෙන්න අපි ආදරයෙන් පිළිගන්නවා - දයාසිරි ජයසේකර

by Staff writer 02-09-2022 | 8:30 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී එම පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමක් කොළඹ දිසා අධිකරණය අද (02) ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එය අද සලකා බැලුණේ, කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා,

සමහර අයට පක්ෂයේ තීන්දුවට පිටින් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂයට එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්නත් දැන් සමහරු කතා කරගෙන යනවා. ඉතිං මං හිතන්නේ මේවා පක්ෂයක් ඇතුළේ ඉඳලා කරනවට වැඩිය හොඳයි පක්ෂෙන් ගිහිල්ලා කරානම්

ප්‍රශ්නය,

එතකොට ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ඔය කියෙන කට්ටිය ඔබතුමාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ කරනවා ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා,
 
අපි අමාත්‍යධුර භාර අරගෙන කට්ටියටත් කියන්නෙ අමාත්‍යධුර අතෑරලා නැවත පක්ෂයත් එක්ක එකතු වෙන්න අපි ආදරයෙන් පිළිගන්නවා. මේ පක්ෂ කඩන්න මේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු එළියට තල්ලු කරන්න කිසිම වෙලාවක වැඩකරන්නෑ. මේ දාහතරදෙනාටම නැවත එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. හැබැයි පක්ෂය ගන්න තීන්දුවත් එක්ක හිටගන්න ඕන.