ඖෂධ හා සෞඛ්‍ය උපකරණ 43 කට උපරිම සිල්ලර මිලක්..

ඖෂධ හා සෞඛ්‍ය උපකරණ 43 කට උපරිම සිල්ලර මිලක්..

by Staff writer 02-09-2022 | 9:11 AM

COLOMBO (News 1st) – වෛද්‍ය උපකරණ ඇතුළු රසායනික ද්‍රව්‍ය 43 මිල සං‍ශෝධිත උපරිම මිලක් නියම කරමින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච වර්ග ගණනවකට ද සංශෝධිත මිලක් නියම කර තිබේ. මීට අමතරව මෙම ගැසට් නිවේදනය මගින් ග්ලූකෝ මීටර් හා ඔක්සිමීටර් මිල ද සංශෝධනය කරමින් උපරිම සිල්ලර මිලක් පනවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මෙම සංශෝධිත උපරිම මිල ඊයේ සිට ක්‍රියාත්මක බවයි. අදාළ ගැසට් නිවේදනය පහතින්....