නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස කම්බයින් සර්කල්ස් තාප විදුලි බාලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් නැප්තා ලබාදී නොමැති බවයි.
ඊට අමතරව කැලණිතිස්ස සියට් බලාගාරයට මාසකට වැඩි කාලයක සිට ඩීසල් ලබාදී නොමැති බව ඔහු ප්‍රකාශ කළේ ය.
සපුගස්කන්ද, බත්තල සහ කෙරවලපිටිය විදුලි බාලාගාර මේ වනවිට ක්‍රියාත්මක වේ.
මේ දිනවල විදුලි උත්පාදනනයෙන් 52% ක් තාප බලාගාරවලින් සිදු කරන අතර ජල විදුලි උත්පාදනය 42% කි.