අද CTB බස් ධාවනය සාමාන්‍ය පරිදි

තෙල් ලැබුණොත් අනිද්දා සිට දෛනික බස් ධාවනය 50% ක් දක්වා ඉහළ නැංවිය හැකියි - පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

by Staff writer 17-07-2022 | 7:20 AM

COLOMBO (News 1st) - හෙට (18) දිනයේ ඉන්ධන ලැබුණොත් අනිද්දා සිට දෛනික බස් ධාවනය 50% ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, අද දිනයේ සාමාන්‍ය පරිදි බස් ධාවනය කෙරෙන බවය. දුම්රිය ධාවනය ද සාමාන්‍ය කාලසටහන් යටතේ සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ය. කෙසේ වෙතත් පොදු ප්‍රවාහන සේවා සීමාවීමෙන් ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටී.