තමිල්නාඩු - කන්කසන්තුරේ අතර නැව් සේවාවක්

තමිල්නාඩු - කන්කසන්තුරේ අතර නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය

by Staff Writer . 27-06-2022 | 4:29 PM

COLOMBO (News 1st) – තමිල්නාඩු හා කන්කසන්තුරේ වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය හිමිවී ඇතැයි ධීවර අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ, තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි. නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භ කිරීමට නියමිතයි. බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍යවන ඉන්ධන, පොහොර, කිරිපිටි සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිලට ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.