by Sagarika Chathumali 16-06-2022 | 9:36 AM
COLOMBO (News 1st) – පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි, පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවයි.
අප වාර්තාකරු පැවුසවේ, ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු එලෙස මියගොස් ඇති බවයි.
එලෙස මිය ගොස් ඇත්තේ පානදුර හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මීට පෙර ද මෙරට විවිධ ස්ථානවල ඉන්ධන පෝලිම්වලින් පුද්ගල මරණ කිහිපයක් වාර්තා විය.