by Staff writer 07-06-2022 | 8:52 AM
COLOMBO (News 1st) - තව ත් ඩීසල් රැගත් නෞකාවක් ලබන 16 වැනි දා මෙරටට පැමිණෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊට පෙර තවත් නෞකා 2 ක් රැගෙන ඒමට කටයුතු සම්පාදනය කරමින් සිටින බවය.
ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකට අවශ්‍ය ණයවර ලිපි අද(07) දිනයේ විවෘත කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.
එම ප්‍රකාශකයා සඳහන් කළේ, තවත් බොරතෙල් නෞකාවක් ඇණවුම් කර ඇති අතර දැනට පවතින බොරතෙල් දින 14 ක කාලයක් සඳහා ප්‍රමාණවත් බවයි.
මේ අතර ඊයේ රාත්‍රියේත් ජනතාව නිදි වර්ජිතව ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.