රුසියානු ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වැළැක්වූ වාරණය අත්හිටුවයි

by Staff Writer . 06-06-2022 | 2:15 PM

COLOMBO (NEWS1ST) : රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

වාරණ නියෝගය අත්හිටුවනු ලැබුවේ, නීතිපතිවරයා කොළඹ වාණිජ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.