MIM සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

MIM ආයතනයේ පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන්ගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

by Staff writer 02-06-2022 | 9:52 PM

COLOMBO (News 1st) –  විද්‍යුත් මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ මහරාජා කළමනාකාරණ ආයතනයේ (MIM) පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන්ගේ සහිත ප්‍රදානෝත්සවය අද(02) පැවැත්විය.

රත්මලාන, ස්ටයින් මැදිරි සංකීරණයේදී පැවැති සහතික පත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ විශ්විවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සහභාගි විය කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජාමහේන්ද්‍රන් මහතා ඇතුළු සමූහයේ ඉහළ කළමනාකාරීත්වය ද ඊට එක්ව සිටියහ. සහතික පත්‍ර ප්‍රදානෝත්සවය විචිත්‍රවත් අංග රැසකින් වර්ණවත් විය. සීමාසහිත කැපිටල් මහාරාජ සමූහයේ සභාපතිවරයා ඉන් අනතුරුව පැමිණි සිටි පිරිස ඇමතුවේ ය. කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතා,
"ඔබ තරුණයින් වශයෙන් දීප්තිමත් හා යහපත් අනාගතයක් අපේක්ෂා කරන බව පෙන්වා දීලා තිබෙනවා. ඔබව ජාතිය, ආගම් වශයෙන් බෙදන්නට බැරි බව පෙන්වා දුන්නා. ඔබ දැනුමෙන් පොහොසත් බව, ඔබම පෙන්වා දී තිබෙනවා. තරුණයින් හැටියට ඔබව අනිසි ලෙස හසුරවන්නට බැරි බව ඔබ පෙන්වා දී තිබෙනවා. ඔබ බාධක හමුවේ සැලෙන්නේ එපා. අද මේ උත්සවය උපාධි ප්‍රදානෝත්සවයකට සීමා වූ උත්සවයක් පමණක් කියලා මොහොතකට වත් හිතන්න එපා. අපි මේක ඔබ වෙනුවෙන් සංවිධානය කරන්නේ එහෙම හිතාගෙන නෙවෙයි. මෙය නායකත්වයට අඩිතාලමක්. ඔබ අද මෙම ස්ථානයෙන් පිටව යන්නේ රැකියාවක් සොයා ගන්න ඕනෙ කියන සිතුවිල්ලෙන්. නමුත් ඔබ රැකියා සොයන පරම්පරාවක් නොව රැකියා උත්පාදනය කරන ව්‍යවසායකයින් වන පරම්පරාවක් විය යුතු යැයි මාගේ ප්‍රාර්ථනාවයි"
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතාත් ඔහුගේ අදහස් පල කළේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා,
"සමහරවිට ඉදිරි වසරවලදී කුසලතා වර්ධනයේ හිඩැසක් ඇති විය හැකියි.. ඉතින් MIM ආයතනයට සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයට මේ වගේ වැඩකටයුතු ආරම්භ කරලා ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට කුසලතා ලබාදීම ගැන මම සුබ පතන්න ඕන. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් කී දෙනෙක් සිටීද? අවධානය යොමු කළ යුතු ප්‍රධාන ප්‍රශ්නය එයයි. මේක සංවර්ධිත රටක් ලෙස හඳුන්වනවා නම්, මේ ව්‍යාපාර හිමිකරුවන් ප්‍රමාණය සියයට 2.8 සිට අවම වශයෙන් සියයට 20ක් හෝ 30ක් දක්වා වැඩි කරන්න වෙනවා"
2019-20 හා 2020 -21 අධ්‍යයන වර්ෂ සඳහා වන සහතික පත් ප්‍රදානෝත්සවය මෙලෙස පැවැති අතර එහිදී විද්‍යුත් මාධ්‍යට සම්බන්ධ අංශ තුනක අධ්‍යනය නිමකළ සිසුන් 249 දෙනෙකු සහිතික පත් හිමිකර ගත්තේ ය. ඔවුන් විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව, රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හා විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ සහිතකපත්‍ර පාඨමාලාව සාර්ථවකව නිම කළේ ය. විද්‍යුත් මාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කරමින් අද දිනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී 2020 වර්ෂය සඳහා රන් සම්මානය දිනා ගත්තේ , අෂාන්ජලී එශනී ද සිල්වා ය. 2021 වර්ෂය සඳහා වූ රන් සම්මානය කවීන් කල්හාර රණතුංග හිමිකර ගත්තේ ය. ඒ අනුව, අද දින මහරාජා කළමනාකාරණ ආයතනයේ තුළින් තරුණ නායක නායිකාවන් 300 කට ආසන්න පිරිසක් රටට දායාද කළේ ය. https://www.youtube.com/watch?v=2ahjldyhMLI