by Staff writer 01-06-2022 | 7:14 AM
COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානය ජලයෙන් යටවී ඇත්නම් ළඟම පිහිටි වෙනත් විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනි සිටීමට අපේක්ෂකයින්ට පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනාරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කළේ, ගංවතුරෙන් සිදුවන මාර්ග අවහිරතා වළක්වා ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් අද දිනයේ බෝට්ටු සේවා ද ක්‍රියාත්මක බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.