by Staff Writer . 20-04-2022 | 9:18 AM
COLOMBO (News 1st) – ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමිණ.
ඒ අනුව රුපියල් 20 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගියේ ය.
නව බස් ගාස්තු සංශෝධනයත් සමග අද සිට යළිත් බස් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අනපේක්ෂිත ලෙස, ඩීසල් මිල ඉහළ දැමීම හමුවේ ඊයේ දිනයේ බස් ධාවනයෙන් ඉවත් වීමට සේවකයින් කටයුතු කළ බවයි.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කරන්නන්ගේ සංගමය පවසයි.
මේ අතර තිරිඟු පිටි මිල සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ ග්රැම් 450 පාන් ගෙඩියක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දමා ඇත්තේ රුපියල් 10 කිනි.
මේ අතර බත් , කොත්තු ඇතුළු ආහාරවල මිල 20 %කින් වැඩි කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.