by Staff Writer . 17-04-2022 | 7:52 AM
COLOMBO (News 1st) - පෞද්ගලික බස් රථ ධාවනය හෙට(18) සිට 50% ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (17) සිට ප්‍රවාහන සේවා ආරම්භ කරන බවයි.
මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණිම සඳහා විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේත් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ කළ විශේෂ අලුත් අවුරුදු බස් සේවය හෙටින් අවසන් වීමට නියමිතය.