by Staff writer 16-04-2022 | 1:46 PM
COLOMBO (News 1st) – කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් රුපියල් දෙකෝටියකට අධික මුදලක් කොල්ලකෑමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු පෙරේදා රාත්‍රියේ වෙළෙඳ සැලට ඇතුළු වී එහි ඇති සේප්පුවලින් රුපියල් දෙකෝටි හැත්තෑ දෙලක්ෂ නව දහසකට අධික මුදලක් කොල්ලකෑමට උත්සාහ කරමින් සිට ඇති බවය.
අද(16) පෙරවරුවේ වෙළෙඳසැල විවෘත කළ අවස්ථාවේ එහි ජල ටැංකියක සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලව, නාගොල්ල පදිංචි 32 දෙදරු පියෙකි.
ඔහු ග්‍රිල් මැෂිමක ආධාරයෙන් මුදල් සේප්පුව බිඳ දමා, මුදල් සොරකම් කර ඇති අතර අනපේක්ෂිත ලෙස ආයතනයේ සේවකයින් අද පෙරවරුවේ සේවා ස්ථානයට වාර්තා කිරීම හේතුවෙන් සැකකරුට පලායාමට නොහැකිව තිබේ.
පොලීසිය පැවසුවේ, සොරකම් කරන ලද මුදල් වෙනත් ස්ථානයක සඟවා රාත්‍රි කාලයේ පලායාමේ අදහසින් සැකකරු ජල ටැංකිය මත සැඟවී සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණවී ඇති බවය.
ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.