ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු

ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

by Staff Writer . 09-04-2022 | 10:47 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පත් කර තිබේ.

වසර දෙකක කාලයක් සඳහා ඔහු එම ධූරයෙහි කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. නව ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගාවලිය බවට බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය පත්වනු ඇත. ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 7 කට ක්‍රීඩා කර තිබේ.