by Staff Writer . 05-04-2022 | 8:21 AM
COLOMBO (News 1st) – තංගල්ල කාල්ටන් නිවස අසල පැවති විරෝධතාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනාට අධිකරණය අද (5) අලුයම ඇප ලබා දී තිබේ.
ඒ, ඔවුන් අද අලුයම 1.00 ට පමණ තංගල්ල වැඩ බලන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නීතිවිරෝධි රැස්වීම,පොදු දේපළ පනත යටතේ බස් රථයකට අනර්ථයක් සිදුකිරීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.
විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 18 දෙනෙකු පෙනී සිට ඇතැයි ද වාර්තා වේ.