by Staff writer 26-03-2022 | 1:36 PM
COLOMBO (News 1st) – මැති ඇමතිවරුන් වෙනුවෙන් ගුවන් යානා ලබාදීම සීමා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබේ.
ඒ, පවතින ඉන්ධන අර්බුදය හා කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, අත්‍යවශ්‍ය කරුණකට ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත පමණක් ගුවන් යානා ලබා දීමට තීරණය කර ඇති බවය.
මේ අතර, ගුවන් ආවේක්ෂණ රාජකාරි සහ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඒකාබද්ධව සිදුකිරීමට ද පියවර ගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ , පවතින තෙල් සංචිත අත්‍යවශ්‍යම සේවා සඳහා කළමනාකරණය කරමින් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.