by Staff Writer . 21-03-2022 | 7:16 AM
COLOMBO (News 1st) – දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.
කෙසේ වෙතත් දේශීය කිරිපිටි සමාගමක් වන පැල්වත්ත සමාගමේ කිරිපිටි මිල ගණන් ඊයේ(20) සිට ඉහළ නංවා තිබේ.
මේ අතර කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා තීරණය කළේ, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමටයි.