by Staff Writer . 17-03-2022 | 7:17 AM
COLOMBO (News 1st) – මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාව සඳහා මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වී තිබේ.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 42 සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් හෙට දිනයේ එම මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ය.
ඩීසල් මෙට්‍රික් ටොන් 22,000 ක් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් එම නෞකාව දිවයිනට ළඟා වි මේ වනවිට දින 05 ක් ගතව තිබේ.
එහෙත් අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි වීමෙන් නැවේ ඉන්ධන ගොඩබෑමට හැකියාව ලැබී නොමැත.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවේ මේ වනවිට දෛනික ඉන්ධන ඉල්ලුම මෙට්‍රික් ටොන් 9000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් බොහෝ පිරවුම්හල් අසල පෝලිම් පවතින බව ද ඇය ප්‍රකාශ කළා ය.
ලේකම්වරිය පැවසුවේ, මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවෙන් දෛනිකව ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් නිකුත් කරන බවයි.
මේ අතර දිවයිනේ බෙහෝ ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රැය පහන්වන තුරුම දිගු පොලිම් පැවතිණ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ තොග අවසන් විම හේතුවෙනි.
මේ අතර පන්නිපිටිය ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී 10ට පමණ උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
ඒ ඉන්ධන මිලදී ගැනීමට උදෑසන සිට පෝලිමේ සිටි ජනතාවට රාත්‍රී 8 පමණ ඉන්ධන අවසන් වූ බව පැවසීමත් සමගයි.