රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලයි

රුසියාව චීනයෙන් යුද ආධාර ඉල්ලයි

by Staff Writer . 14-03-2022 | 3:02 PM

COLOMBO (NEWS1ST):   රුසියාව, චීනයෙන් ආයුධ සහ යුද ආධාර ඉල්ලා ඇතැයි, අමෙරිකාව පවසයි.

අමෙරිකානු නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇතැයි, විදෙස් වාර්තා වන සඳහන් ය. කෙසේ වෙතත් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ, එවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බවයි. අමෙරිකාව සහ චීන නියෝජිතයින් පිරිසක් අතර රෝමයේ දී අද පැවැත්වීමට නියමිත හමුවකට පෙර මෙම චෝදනාව එල්ල වේ. මේ අතර යුක්‍රේනය ආක්‍රමණයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක් සම්බන්ධයෙන් අමෙරිකාව සාකච්ඡා කර තිබේ. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ යුක්‍රේන නියෝජිතයෙකු අතර පැවති දුරකථන සංවාදයකදීයි. එහිදී රාජ්‍ය ලේකම්වරයා යළි අවධාරණය කර ඇත්තේ, මිලේච්ඡ ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය සමග ස්ථීර සහයෝගීතාවයෙන් ක්‍රියාකරන බවයි.